ශ්‍රීපාද කන්ද පිලිබදව සැකවින්..
"ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය."
ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් මරක්කලයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ ඈත ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.
සමනොල ගිරිය ඉතිහාසය
සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය.
මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක.
මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය.
මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ.
බුදු පියාණන් වැඩි සමයේ මෙහි එක්තරා දේව කොට්ඨාසයක් විසූ බවත් එතුමන්ලාගේ නායකයා සුමන නම් වූ බවත් පැවැසෙයි. හාත්පස පිහිටියා වූ පර්වත කූට අතරින් අතිශයෙන් අභිමානවත් වූ කූඨටය නිසා එය ‘සමන්ත කූඨය’ වී යැයි ද කියැවෙයි. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘ සුමනකූඨට’ වූවා යැයි ද තවත් මතයෙකි.
සුමන සුරිඳාණන්ගේ ආයාචනය පිළිගනිමින් මේ සුරම්‍ය වූ පර්වතය මුදුන් තලයෙහි ඉන්ද්‍රනීල නම් මාණික්‍ය මතුයෙහි බුදුන් වහන්සේ තම ශ්‍රී පාදය තැබූ විට මැටි පිඬක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ ශක්තියේ අධිෂ්ඨාන බලයට ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරුවූ සිරිපා කමල සළකුණු වූ බව සඳහන් වෙයි. ඉන් ඉක්බිති සමන්ත කුටය ශ්‍රී පාදස්ථානය නමින්ද ප්‍රසිද්ධියට පත් විය.
අනුරාධපුර යුගයටත් පෙර මුටසීව රජ දවස ක්‍රි.පූර්ව සිව්වැනි ශත වර්ෂයේ ඇලෙක්සැන්ඩර් නම් ගී‍්‍රක අධිරාජ්‍යයා අතිශය දුෂ්කර මේ මහා ගිරි ශිඛරය නැඟීමට පහසුවක් ලෙස යකඩ දම්වැල් සවිකර ශ්‍රී පාද කන්ද තරණය කළ බවත් ගී‍්‍රක ඉතිහාසයේ ලියැවී තිබෙන අතර කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර යුගයේ රජවරුන් මෙම ස්ථානය ගැන අවධානය යොමු කර ඇති බවක් මහාවංශ පූර්ව භාගයේ සඳහන් නොවේ.
කීර්ති නිශ්ශංක රාජ්‍ය සමයේ කොටෙකුගේ උපකාරයෙන් ශ්‍රී පාදස්ථානය සොයා ගත් බවට ජනප්‍රවාදයේ පැවැසෙතත් එය සාවද්‍ය බව සනාථ වන්නේ ඊට ප්‍රථම විජයබාහු රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ ශ්‍රී පාදස්ථානයට පිදූ ගම් පිළබඳව සාක්ෂි සහිතව ‘අඹගමුව ශිලා ලිපිය’ මගින් තහවුරු වන බැවිනි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සමන්තකූටයෙහි නවසියයක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බැව් මහාවංශයේ සටහන්ව තිබේ.
ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් ධ්ඍ මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි. මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි සමන් දේවාලය කළ බව රාජාවලියේ සටහන්ව ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා :ක්‍රි.ව. 1752- හැට අමුණක කෙත් වතුල ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්‍රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උසල පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කරල ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ.
ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය.
මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන :ඉඳිකටුපාන-ල මහගිරිදඹල අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේල ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් :අඩි 7360- උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්‍රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.
සමනොල කන්ද අද තත්වය.
සිංහලේ ජාතික සංවිධානයේ නිර්මාතෘ සාලිය ටී රණවක මහතා සහා මහසිහොන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ මහතා ඇතුලු කන්ඩායමක් 2016-10-19 වන දින සමනොල කන්ද කරුණා කිරීමට සහ එහි වත්මන් තත්වය සියැසින් දැක බලාගැනීමට පිටත් වූයේ සයිබර් අවකාශයේ නොයෙකුත් සමාජ ජාලා වෙබ් අඩවි තුල පැතිර ගිය කට කතාවක් නිසාය..
එනම් සටකපට මරක්කල අන්තවාදීන් විසින් ශ්‍රීපාද පත්මය ඔවුන්ගේ
අල්ලා
දෙවියගේ පා සලකුන ලෙස සලකා සමනොල ගිරියට රහසි ගතව යන එන බවත් වන්දනා මාන කරන බවත්ය.
අන්තර්ජාලයේ පලවුන පින්තූරය |
Posted by Sinhale Jathika Sanwidanaya on Wednesday, October 19, 2016
එමෙන්ම සාලිය මහතා හා අමිත් මහතා ඇතුලු පිරිස හා සිංහලේ ලයිව් රේඩියෝව සම්බන්ධ වූ මොහොතේ ඔවුන් කියා සිටියේ මෙසේය.. පහත හඩ පටය අසන්න. (මෙතන ඔබන්න)
.
ශ්‍රීපාදස්ථානයේ අනාගතය?
මෙ සියල්ල මෙසේ උවහොත් අනාගතයේ අපට වන්දනා මාන කරන්නටශ්රීපාදය නොලැබී යන්නටත් එය මරක්කලයාගේ දේව භූමියක් වන්නටත් ඉඩ සකර වැඩි බව ඔබට වැටහෙනවාද?
දයබර අම්මේ තාත්තේ.. මෙම සට කපට කූට ආක්‍රමිනකයා නිහඩව අද වන විට කරන ක්‍රියාවන් සියල්ලන්ගේම ප්‍රථිපල ලැබේන්නේ අද ජීවත්වන ඔබට මට නොව අපගේ සිංහලේ දීපයේ මතු උපදින අපගේම දරු පරම්මරාවල් වලට බව ඔබට වැටහෙනවාද?
එසේනම් පරම පිවිතුරු නිර්මල බුදු දහමත් මේ සිංහල ජාතියත් මේ රටත් ඔව්න්ගේ හෙට දවස වෙනුවෙන් ආරක්ශා කර දීම ඔබගේ අපගේ වගකීම නොවේද?
අප පෙර මුතුන් මිත්තන් නිහඩව සිටියා නම් අද අපට දෙපයින් නැගී සිටින්නට රටක් ඉතුරුවේවිද?
සිතන්න බුද්ධිම වන්න ඔබ වෙනුවෙන් නොව ඔබගේ ලෙයින් ජාතක වන ඔබගේ ම දරුවන් වෙනුවෙන්....
නිහඩව සිදුවන මුස්ලිම් අන්තවාදයත් ද්‍රවිඩ බෙදුම්වාදයත් අභියස අප පාට පක්ශ වලට බෙදී බෙදී අපගේ දරුවන්ගේ හෙට දවස අදුරු අවාසනාවන්ත ඉරණමක් කරා ගෙන යනවාද...?
එසේත් නැතිනම් අපගේ දරු පරම්පරවල වල හෙට දවස සුරක්ශිත කරමින් ඔව්නට දෙපයින් එඩිතරව නැගී සිටීමට වාතාවරනයක් ගොඩ නගනවාද? බුද්ධි ගෝචර ඔබට සිතන්නට කාලයයි මේ..
ලිපිය
ජනක තරංග හේවසූර විසිනි
Ela
ReplyDeleteEla
ReplyDeleteනියමයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteRata Jathiya Agama wenuwen kepa wana Oba Semata
ReplyDeleteTheruwan saranai...!
සිංහල,බෞද්ධ අපේ ඒ අභිමානවත්,ප්‍රෞඩ උරුමයන් පිළිබඳව මතු පරපුර දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි ....
ReplyDeleteඅපේ බුදුන් 😍
ReplyDeleteනියමයි
ReplyDeleteසිරිපාදය අැත්තෙන්තම යන පාසටහනත් අාදම්ගේග පාදය කියන කතාවත් අරන් බලන කල තනිකර වැරදි මතයක් වනබව පැහැදිලි .අාදම් කිය ඉස්ලාම්ල අාගමේ විස්වාස කරන්වනේ පලමු මිනිසාය ඵසේම බයිබලයත්ම කියයි නමුත් මෙම පියා ලෝ සියලු ජනයාගේ පියා මිස අහවල් පිරිසගේ නෙවෙයි .ඵහෙන්ම අාදම්ම ගේ පා සලකුන කියනවිට ඵය සියල්ලටම අයිතිය.
ReplyDeleteනමුත් ඉස්ලාමයෙහි අාදම්ලගේ උස මහත් කියනවිට රියන් 60උසින් සිටි බව සදහක් ඵසේනන්ම ඵතරම් උස මිනිසෙකුගේ පාදය මෙතරම් පුංචි විය කොහැක.මෙම තර්කකය දමග අාදම්ගේග පාදය යන කටකතාව සුන්වෙනවා ය.
අැත්තෙන්තම අාදම්ගේග පාදය කියනෙක කව්රැවිසිනද ගොතා අැතෙයිද ?
අැඩම්ස්සපීචි කිය ඉංරිසියෙන් නම් කර අැති බැවින් මෙහි සුද්දාට අැති උවමනාව කුමක්ද .සමහරවිට සුද්දා විසින්ද කෙටවිල්ලක් අැති කිරීමට තනාදුන් ලනුවක් දෝ කිය සිතන්න වෙනවා.
මුස්ලිම් සිද්දස් තානයක් කිය කදුමුුදුනේ අැති නිර්මානය හා ඵහි අාගමේ නමින් සිද්ද කරන වැදුම් පිදුම් ඉස්ලාමයට විරැද්ද ක්දරියාවක් .මෙම ක්රමය යුදෙව්වරැ විසින් ඉන්දියාවේ නුගත් මුසල් මානුන් හරහා ඉස්ලාමය තුල බේද අැතිකිරීමට කල දෙයක් බවට සාක්ෂිද අැත
ශ්‍රී පාදස්ථානය කොහොමත් මුස්ලිම් උන්ගේ නෙමෙයි.
Delete👍😎😍🤩
ReplyDeleteyes
ReplyDeleteEka ♥️🔥
ReplyDelete🙏👍😎😎😎👍🙏
ReplyDeleteඅපේ අතීත උරුමයන් සැඟවුණු නැගෙනහිර පළාතට සෙනරත් රජ්ජුරුවන්ගේ අනුකම්පාවෙන් රිංගපු අන්තවාදී මුස්ලිම් එවුන් ඒ පැත්තේ කරන සහගහන අපරාධය පේනවනේ... දැන් සිංහල බෞද්ධ මනුස්සයෙකුට ඒ පන්සලක් වඳින්නවත් නිදහසේ යන්න බෑ. අනාගතේ අපිට ශ්‍රී පාදස්ථානයත් අහිමි වෙන්න නොදී රැක ගන්න ඕනේ, අනාගත පරපුරට... ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට...
ReplyDelete👌🤲
ReplyDelete#18e280
ReplyDelete